යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුන රාමනාදන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ පෙත්සමක් අද (31) අභියාචනාධිකරණයේදී විභාග වූ අතර, නඩු විභාගය ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරන ලෙස ඔහුගේ නීතිඥවරයා ඉල්ලා සිටියේය.
ඉල්ලීම සම්බන්ධයෙන් සුදුසු වේලාවක නියෝගයක් නිකුත් කරන බව අභියාචනාධිකරණය සඳහන් කළේය.














