අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අද (31) දින අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
රවී කරුණානායක මහතාට අධිකරණය විසින් සංචාරක තහනමක් ද පනවා තිබේ.
ජාතික ලොතරැයි මණ්ඩලයේ විශේෂ ව්‍යාපෘතියක් සඳහා බඳවා ගත් සේවකයින් තිදෙනෙකු සම්බන්ධ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා අද උදෑසන අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටීමෙන් පසු මන්ත්‍රී කරුණානායක මහතා අත්අඩංගුවට ගෙන තිබේ.















