ලොරියක් යතුරුපැදියක ගැටී යතුරුපැදිකරු මරුට

රත්ගම පොලිස් වසමේ කොළඹ ගාල්ල මාර්ගයේ පිටිවැල්ල ප්‍රදේශයේදී ගාල්ල දෙසට ධාවනය වූ ලොරි රථයක් එම දිසාවටම ඉදිරියෙන් ධාවනය වූ යතුරුපැදියක ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු ගාල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

ඊයේ (30) දින දහවල් මෙම අනතුරු සිදු වූ මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 64 ක් වූ රත්ගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර රත්ගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website