පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ප්‍රමාද වී ලබා දීමේ සිද්ධියෙන් පීඩාවට පත් සිසුන්ට යුක්තිය ඉටු කිරීම සඳහා වහාම පියවර ගන්නා ලෙස ලංකා ගුරු සංගමය බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.
කෑගල්ල ප්‍රදේශයේ පාසලක සිසුන්ට ඊයේ (09) පැවති පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රයක් ප්‍රමාද වී බෙදා දීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති අතර ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලංකා ගරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා මේ බව පැවසුවේය.
මෙවැනි සිදුවීම් හේතුවෙන් සිසුන්ට සිදුවන අසාධාරණය පිළිබඳව බලධාරීන් අවධානය යොමු කළ යුතු බවත්, බලපෑමට ලක් වූ සිසුන්ට සාධාරණ ලෙස සැලකීම සහතික කිරීම සඳහා සුදුසු පියවර ගත යුතු බවත් ඔහු අවධාරණය කළේය.
ඉහත ඡායාරූපය AI තාක්ෂණයෙන් ජනනය කළ ඡායාරූපයකි – සංස්කාරක













