ශිෂ්‍යත්ව සහ උසස් පෙළ ගැන විශේෂ සාකච්ඡාවකට විභාග, ආපදා කළමනාකරණ හා කලගුණ විද්‍යා ප්‍රධානීන් රැස් වෙයි

ඉදිරි දිනවල පැවැත්වීමට නියමිත 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද (05) දිනයේ පැවැත්වීමට නියමිත බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න මහතා සඳහන් කළේය.

මෙම සාකච්ඡාව සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව‍, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය  සහ විභාග දෙපාර්තම්න්තුවේ නියෝජිතයින් සහභාගී වීමට නියමිතය.

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ විභාග කටයුතු සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව විජේමාන්න මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website