ජනපති මන්දිරවල පිටස්තර පුද්ගලයින් නවාතැන් ගෙන නෑ – ජනපති මාධ්‍ය අංශය

ජනාධිපති මන්දිරවල පිටස්තර පුද්ගලයන් නවාතැන් ගෙන ඇති බවට මාධ්‍යවල පළව ඇති පුවත සම්බන්ධව ජනාධිපති මාධ්‍ය අංශය විසින් අද (25) දින සවස විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.

එම මාධ්‍ය නිවේදනයේ සඳහන් වන්නේ ජනාධිපති මන්දිරවල පිටස්තර පුද්ගලයන් නවාතැන් ගෙන නොමැති අතර එය සම්පූර්ණයෙන්ම අසත්‍ය පුවතක් බවයි.

එම නිවේදනය සම්පූර්ණයෙන් පහත පළ වේ.

ජනාධිපති මන්දිරවල පිටස්තර පුද්ගලයන් නවාතැන් ගෙන නොමැති අතර එය සම්පූර්ණයෙන්ම අසත්‍ය පුවතකි.

‘‘2025 වර්ෂයේදී රට පුරා ඇති ජනාධිපති මන්දිරවල  විවිධ පුද්ගලයන් 3089ක්  නවාතැන් අරන් මැයෙන් පලවී ඇති පුවත අසත්‍ය වන අතර, 2025 වර්ෂයේදී ජනාධිපති මන්දිර පරිශ්‍රවල පවතින වෙනත් ගොඩනැගිලිවල  ආරක්ෂක අංශයේත්,  මාධ්‍ය සහ අනෙකුත් අංශ වලත් නිලධාරීන් රාජකාරීමය අවශ්‍යතා වෙනුවෙන් විවිධ අවස්ථාවල නවාතැන් ගෙන ඇත.

එහෙත් මේ නිලධාරීන් කිසිවෙකු ජනාධිපති මන්දිරවල නවාතැන් ගෙන නොමැත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website