පොලිස් විශේෂ කාර්ය බලකායේ යාපනය කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක්න ඊයේ (17) දින රාත්රියේ මරදන්කේනි ආලියාලෛයි පාලම අසළ සිදුකළ වැටලීමකදී කිලෝග්රෑම් 14 ග්රෑම් 300 ක් බරැති කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට ගෙන ඇත.
යුධ හමුදා බුද්ධි අංශයෙන් ලද බුද්ධි තොරතුරක් අනුව වැටලීම සිදුකර ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා සිදුකරන වැඩිදුර විමර්ශන සඳහා ගංජා තොගය මරදන්කේනි පොලිස් ස්ථානය වෙත භාරදීමට ක්රියා කර තිබේ.
*බුත්තල පොලිස් විශේෂ බලකා කඳවුර විසින් එදින හබ්බේගමුව ප්රදේශයේ භූමි ප්රදේශයක් වටලා ඉඩමක වගාකර තිබූ ගංජා ගස් 38620 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
එම සැකකරු වයස අවුරුදු 31 ක් වන වන බකිනිගහවෙල, රත්නදෙනිය ප්රදේශයේ පදිංචිකරුවෙකු වන අතර වැඩිදුර විමර්ශන සඳහා හබ්බබේගමුව පොලිස් ස්ථානය වෙත භාරදී ඇත.















