දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් සියලුම ගොවීන්ට වන්දි සම්පූර්ණයෙන්ම ලබා දී ඇති බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ධම්මික රණතුංග මහතා පැවසුවේය.
හෙක්ටයාර 59,245ක භූමි ප්රදේශයක් ආවරණය වන පරිදි ගොවීන් 112,442 කට වන්දි ගෙවා ඇති බව හෙළි කළ රණතුංග මහතා මේ සඳහා රුපියල් බිලියන 8.886 ක් වැය කර ඇති බව ද සඳහන් කළේය.














