ව්‍යාජ ලියවිලි සකස් කළ බවට සැකපිට ඉඩම් රෙජිස්ටාර්වරියක් අත්අඩංගුවට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (08) කොළඹ ප්‍රදේශයේ ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයකට අනුයුක්තව සේවය කරන ඉඩම් රෙජිස්ට්‍රාර්වරියක් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාරිය පන්නිපිටියේ පදිංචි 51 හැවිරිදි කාන්තාවකි.

ව්‍යාජ ලියකියවිලි සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනයක් සම්බන්ධයෙන් ඇය අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේය.

සැකකාරිය ඔප්පුවල දෙවන පිටපත් සහ ලියාපදිංචි කළ ලියකියවිලි බාහිර පාර්ශවයන්ට ලබා දී ඇති බවත්, එමඟින් සංවිධානාත්මක අපරාධවලට සහාය වීම, කුමන්ත්‍රණය කිරීම සහ නීත්‍යානුකූල හිමිකරුවන්ට එරෙහිව ඉඩම් නීති විරෝධී ලෙස පැවරීම සඳහා ව්‍යාජ ලේඛන සකස් කිරීම සිදු කර ඇති බව   අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website