මන්ත්‍රීවරුන්ට සහ රාජ්‍ය නිලධාරීන්ට පනවා තිබූ ඉන්ධන සීමා ඉවත් කිරීමට පියවර ගත්තා සේ ත්‍රිරෝද රථ සහ සංචාරක කර්මාන්තයට ද එම සහනය ලබා දිය යුතු බව රවී කරුණානායක මහතා අද (08) පාර්ලිමේන්තුවේ දී අග්‍රාමාත්‍යවරියගෙන් ඉල්ලා සිටියේය.
” මන්ත්‍රීවරුන්ට රජයේ නිලධාරීන්ට තියෙන තෙල් තහංචිය ඊයේ ඉවත් කළා. මේ සහනය ත්‍රිරෝද රථ සහ සංචාරක කර්මාන්තයටත් දෙන්න බැරි ඇයි කියලා මම අග්‍රාමාත්‍යතුමියගෙන් ප්‍රශ්න කරනවා. මම කියන්නේ කරුණාකරලා මේ සහනය ත්‍රිරෝද රථ හිමියන්ට සහ සංචාරක කර්මාන්තයේ නිරත වන වාහන හිමියන්ටත් ලබා දෙන්න. ඉන්ධන කෝටාව නිසා මේ පිරිස දැඩි පීඩාවට පත්ව සිටිනවා. ඔවුන්ගේ දෛනික ආදායම විශාල ලෙස අඩුවී තිබෙනවා” රවී කරුණානායක මහතා පැවසුවේය.
මෙම ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අග්‍රමාත්‍යවරිය පැවසුවේ අදාළ කරුණ සම්බන්ධයෙන් සොයා බලා පිළිතුරක් ලබා දෙන බවයි.












