හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගොනු කරන ලද රිට් පෙත්සමේ වැඩිදුර විභාගය ජූලි 09 වන දින දක්වා කල් දැමීමට අභියාචනාධිකරණය අද (06) නියෝග කළේය.
අද දින නඩු කටයුතු අතරතුර පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා වාචික කරුණු දැක්වීම අවසන් කළේය.











