පොසොන් වන්දනාවේදී බැතිමතුන්ගේ ආරක්ෂාව සුරක්ෂිත බව වෙනුවෙන් ශ්‍රි ලංකා පොලිස් ජීවිතාරක්ෂකයින් සක්‍රීය ස්ථානයන් පිළිබද දැනුවත් කරමින් ශ්‍රී ලංකා පොලිසිය විසින් නිවේදනයක් නිකුත් කර ඇත. එම නිවේදනය සම්පූර්ණයෙන් පහත දැක්වේ.
පින්බර පොසොන් පොහෝ දිනයේ අනුරාධපුර පුණ්‍ය භූමිය වැඳපුදා ගැනීමට පැමිණෙන සැදැහැවත් ඔබගේ සහ ආදරණීයයන්ගේ ආරක්ෂාව වෙනුවෙන්, ශ්‍රී ලංකා පොලිස් ජීවිතාරක්ෂක බලකායේ විශේෂ පුහුණුව ලත් නිලධාරීන් 150 දෙනෙකු ප්‍රධාන වැව් සහ ජලාශ ආශ්‍රිතව දිවා රාත්‍රී සේවයේ යොදවා ඇත.
ඔබ ජලයට බැසීමේදී සහ දිය නෑමේදී වඩාත් ආරක්ෂිත සහ සුදුසුම ස්ථාන, පහත පරිදි වන අතර මීට අමතරව ද ඔබට ආරක්ෂාව සැපයුතු ස්ථාන සදහා ද නිලධාරීන් යොමුකර ඇත.
අනුරාධපුර කොට්ඨාශය
• තිසා වැව (නිලධාරීන් 15) | නුවර වැව | බසවක්කුලම වැව
• කුට්ටම්පොකුණ / කුඩාවැව | සුන්නාත පොකුණ/තොටුපළ
• මල්වතු ඔය – පරණ පාලම (නිලධාරීන් 03) සහ අලුත් පාලම
• මාන්කඩවල වැව | බුලන්කුලම වැව
• මිහින්තලය වසම: මිහින්තලය වැව, කළුදිය පොකුණ , මහාකනදරාව වැව, රඹෑව වැව
• විලච්චිය වැව | තන්තිරිමලය වසම – මල්වතු ඔය
• කව්රක්කුලම වසම – නාච්චාදූව වැව | හිඳෝගම වසම – තුරුවිල වැව
තඹුත්තේගම කොට්ඨාශය
• තලාව වසම: කලා වැව ජයගඟ , තුරුලිය සෙවණ වැව
• තඹුත්තේගම වසම: රාජංගනය වැව, තල්ගස්වැව වැව
• ඉපලෝගම වසම: කලා වැව, කලා වැව ජයග
• ගල්කිරියාගම වසම: බලළු වැව
මීට අමතරව ආරක්ෂාව තිහවුරු විය යුතු වැව් ආශිතව ජීවිතාරක්ෂක නිලධරයින් යොමු කිරීමට පොලිස් ජීවිතාරක්ෂක කොට්ඨාසය විසින් කටයුතු කරනු ලබයි.
දිය නෑමේදී සහ ජලාශ අසල ගැවසීමේදී පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් ලබා දෙන උපදෙස් නිවැරදිව පිළිපදින්න. අනතුරක් හෝ හදිසි අවස්ථාවකදී වහාම අසල සිටින නිලධාරියෙකු දැනුවත් කරන්න.













