විජයග්‍රහණයේ දිනය දා මුල්ලිවයික්කාල් හි යතුරුපැදිවලින් වැඩ දැමූ තරුණයින්ට දඩ

2026.05.18 වන දින මුලතිව් මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ පැවති යම් සැමරුම් උත්සවයකට සහභාගී වීම සඳහා පැමිණි යතුරුපැදිකරුවන් කිහිපදෙනෙකු මාර්ග නීති කඩකරමින් යතුරුපැදි ධාවනය කර ඇති බව සම්බන්ධයෙන් අනාවරණය වූ තොරතුරක් අනුව විමර්ශන සිදුකළ පුදුකුඩිඉරිප්පු පොලිස් ස්ථානය 2026.05.23 වන දින එම සැකකාර යතුරුපැදිකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත්හ.

පොලිස් විමර්ශන මගින් ඔවුන් එලෙස කිලිනොච්චිය ප්‍රදේශයේ සිට මුල්ලිවයික්කාල් දෙසට යතුරුපැදිවලින් ගමන් කර ඇති බව අනාවරණය වීමෙන් අනතුරුව පුදුකුඩිඉරිප්පු පොලිස් ස්ථානය විසින් සැකකරුවන් තිදෙනා 2026.05.23 දින මුලතිව් ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණි.

අධිකරණය විසින් එදින ඔවුන් රු.150,000 බැගින් වූ ශරීර ඇප 03ක් මත මුදාහරින ලදී.

2026.06.16 වන දින මුලතිව් මහේස්ත්‍රාත් උසාවියේදී නඩුව නැවත කැඳවූ අවස්ථාවේ සැකකරුවන් තිදෙනා වරද පිළිගත් අතර අධිකරණය විසින් එහිදී ඔවුනට රු. 11500/=, රු11500/=, රු. 17500/= බැගින් වූ දඩ නියම කර මුදාහැරීමට නියෝග කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website