
දෙහිවල සත්වෝද්‍යානයේ උපත ලැබූ සිංහ පැටවුන් දෙදෙනා සමීපව නැරඹීමේ විශේෂ අවස්ථාව භුක්ති විඳීමට අමුත්තන්ට හෙට (21) දක්වා පමණක් අවස්ථාව ලබා දී ඇති බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
මෙම සුරතල් පැටවුන් දෙදෙනා සමීපව නැරඹීමට ලැබෙන අවසන් හෙටින් අවසන් වන හෙයින් මෙම අවස්ථාවෙන් උපරිම ප්රායෝජන ගන්නා මෙන් ද දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පවසයි.














