ශ්‍රී ලංකා කාන්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සාමාජිකාවන් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා හමුවූහ.
පසුගිය මැයි මාසයේදී ඉන්දීය දූත පිරිස මහ කොමසාරිස්වරයා සමඟ කළ නිල සංචාරයේදී ලබාගත් අත්දැකීම් සහ ඉගෙනුම් බෙදා ගැනීමේ අරමුණින් මෙම රැස්වීම සංවිධානය කරන ලදී.
මෙම රැස්වීමේ දී, ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ අයවැයකරණය, කාන්තාවන් සහ ළමුන් සඳහා පෝෂණ ප්‍රවර්ධනය, කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන සංවර්ධන ව්‍යාපෘති, ඩිජිටල්කරණය සහ සමාජ ඇතුළත් කිරීම යන ක්ෂේත්රවල දෙරට අතර හොඳම පිළිවෙත් හුවමාරු කර ගැනීම පිළිබඳව විස්තරාත්මකව සාකච්ඡා කරන ලදී. මෙම රැස්වීමේදී දෙරටේ කාන්තා නියෝජිතයින් අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව ද සාකච්ඡාවට ලක්විය.
















