මැතිවරණ සම්බන්ධ නීති (පළාත් සභා මැතිවරණ සම්බන්ධ නීති හැර) සමාලෝචනය කර පාර්ලිමේන්තුවට ඒ සම්බන්ධයෙන් යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වූ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව මහජන යෝජනා සහ අදහස් කැඳවීම ආරම්භ කර ඇත.
මෙම තේරීම් කාරක සභාවේ සභාපතිත්වය රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතා දරන අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 11 දෙනෙකු තේරීම් කාරක සභාව නියෝජනය කරයි.
මැතිවරණ සම්බන්ධ නීති, විශේෂයෙන් ඡන්දදායකයින් ලියාපදිංචි කිරීමේ පනත, පළාත් පාලන ආයතන මැතිවරණ පනත, පාර්ලිමේන්තු මැතිවරණ පනත සහ ජනාධිපතිවරණ පනත, වසර ගණනාවක් පුරා එම පනත්වලට කරන ලද සංශෝධන කිහිපයක් සහ ඉහත දක්වා ඇති පනත්වල විධිවිධානවලට අදාළ කරන ලද විශේෂ විධිවිධාන පනත් සමාලෝචනය කිරීම එහි අභිලාෂයයි.
මෙම පනත් සංශෝධනය කිරීමට සහ ඒකාබද්ධ කිරීමට ඇති අවශ්‍යතාවය තක්සේරු කිරීමට සහ මැතිවරණ සම්බන්ධයෙන් කටයුතු කරන වත්මන් නීතිවලට (පළාත් සභා මැතිවරණය හැර) අවශ්‍ය ප්‍රතිසංස්කරණ සහ සංශෝධන නිර්දේශ කිරීමට ද මෙම කාරක සභාවට බලය පවරා ඇත.
එකී කමිටුව විසින් සලකා බැලීම සඳහා අදාළ විෂය පථය යටතේ යෝජනා/අදහස් ඉදිරිපත් කරන ලෙස මහජනතාවට/අනෙකුත් උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ට සහ සංවිධානවලට ආරාධනා කරනු ලබන අතර, එවැනි යෝජනා/අදහස් 2026 ජූලි 15 වන දිනට පෙර පහත ලිපිනයට හෝ legis_com@parliament.lk විද්‍යුත් තැපැල් ලිපිනයට යොමු කරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.
ලිපිනය:
කාරක සභාවේ ලේකම්
මැතිවරණ සම්බන්ධයෙන් කටයුතු කරන නීති (පළාත් සභා මැතිවරණ සම්බන්ධයෙන් කටයුතු කරන නීති හැර) සමාලෝචනය කර පාර්ලිමේන්තුවට වාර්තා කර ඒ සම්බන්ධයෙන් එහි යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ
The Secretary to the Committee
Select Committee of Parliament to review the laws dealing with Elections (excluding laws dealing with Provincial Council Elections) and report to Parliament and submit its proposals and recommendations in that regard
Parliament of Sri Lanka
Sri Jayawardenepura Kotte
















