අභියාචනාධිකරණයේ සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස ඉහළ නැංවීමට රජය ගන්නා උත්සාහයන්ට දැඩි ලෙස විරුද්ධ වෙමින් සමගි ජන බලවේගය මාධ්‍ය අංශය අද (03) නිවේදනයක් නිකුත් කළේය.
එම නිවේදනයෙන් සමගි ජන බලවේගය කියා සිටියේ එවැනි පියවරක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ ස්වාධීනත්වයට හානි කරන බවයි.
උසස් අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් නියම කර ඇති බවත් එය වෙනස් කළ හැක්කේ ව්‍යවස්ථාමය සංශෝධනයක් මගින් පමණක් බවත් එම නිවේදනයේ සඳහන් වේ.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කර ජනමත විචාරණයකින් අනුමැතිය සඳහා ජනතාවට ඉදිරිපත් කිරීමට රජයේම ප්‍රතිපත්ති ප්‍රකාශනය පොරොන්දු වූ බව පෙන්වා දුන් SJB, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනවලට එරෙහිව එහි පෙර ස්ථාවරයන්ට පටහැනි බව කීවේය.
එම සම්පුර්ණ නිවේදනය පහත පළ වේ.


















