ශ්‍රී ලංකා ක්‍රිකට් නව කොන්ත්‍රාත්තුවට ක්‍රීඩකයින් 46 ක් – සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026–2027  දින දර්ශනය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ක්‍රීඩකයින් අතර අත්සන් තැබෙන වන ජාතික ක්‍රීඩක ගිවිසුම් යටතේ ක්‍රීඩකයන් 46 දෙනෙකුට කොන්ත්‍රාත්තු ප්‍රධානය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. මෙම නව ගිවිසුම් 2026 වසරේ අප්‍රේල් 01 වැනිදා සිට 2027 වසරේ මාර්තු 31 වැනිදා දක්වා ක්‍රියාත්මක වේ.

ක්‍රීඩකයින්ගේ දක්ෂතා, ස්ථාවරත්වය, ශාරීරික යෝග්‍යතාව, අනාගත හැකියාවන් සහ ජාතික කණ්ඩායම්වල උපායමාර්ගික අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් A1, A2, B1, B2, C1 සහ මධ්‍යම (Central) ගිවිසුම් කාණ්ඩ යටතේ වර්ගීකරණය කර ඇත.

ගිවිසුම් ලැබූ ක්‍රීඩකයන් අතර එක්දින සහ විස්සයි-20 නායක කුසල් මෙන්ඩිස්, ටෙස්ට් නායක ධනංජය ද සිල්වා, දිනේෂ් චන්දිමාල් වනිඳු හසරංග, පැතුම් නිස්සංක, චරිත් අසලංක, කමිඳු මෙන්ඩිස්, දසුන් ශානක සහ මහීෂ් තීක්ෂණ, වැනි අත්දැකීම් සහිත ක්‍රීඩකයින් ඇතුළත්ව සිටිති.

මේ අතර කමිල් මිෂාර, ලසිත් කෘස්පුල්ලේ, විජයකාන්ත් වියස්කාන්ත්, ඉසිත විජේසුන්දර, වනුජ සහන්, දිලුම් සුධීර සහ තරිඳු රත්නායක යන ක්‍රීඩකයින් පළමු වරට ජාතික ක්‍රීඩක ගිවිසුම් හිමිකර ගැනීමට සමත්ව සිටීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පෙන්වා දෙන්නේ මෙම ගිවිසුම් මඟින් ක්‍රීඩකයින්ට ඉහළම මට්ටමේ ක්‍රීඩා දක්ෂතා දැක්වීම සඳහා අවශ්‍ය සහාය, ව්‍යුහගත සැලසුම් සහ සම්පත් ලබාදීම අරමුණු කර ඇති බවයි. එමෙන්ම දක්ෂතා දක්වන ක්‍රීඩකයින්ට ප්‍රතිලාභ ලබාදීම, නැගී එන දක්ෂතා වර්ධනය කිරීම සහ ජාත්‍යන්තර තරග රටාවන් සඳහා ශක්තිමත් ක්‍රීඩක සංචිතයක් පවත්වාගෙන යාම ද මෙම වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණක් බව ද සඳහන් වේ.

ජාතික ගිවිසුම් හිමි වූ සියලුම ක්‍රීඩකයින්ට සුබ පැතුම් එක්කර ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, පළමු වරට ගිවිසුම් ලැබූ ක්‍රීඩකයින් විශේෂයෙන් පිළිගනිමින් ඉදිරි ජාත්‍යන්තර තරග වාරයේදී රටට ගෞරවය ගෙන එමින් ඉහළ වෘත්තීයමය ප්‍රමිතීන්, විනය සහ කැපවීම පවත්වාගෙන යනු ඇතැයි විශ්වාසය පළ කර තිබේ.

1. කුසල් මෙන්ඩිස්

2. ධනංජය ද සිල්වා

3. දිනේෂ් චන්දිමාල්

4. වනිඳු හසරංග

5. පැතුම් නිශ්ශංක

6. චරිත් අසලංක

7. කමිඳු මෙන්ඩිස්

8. දුෂ්මන්ත චමීර

9. අසිත ප්‍රනාන්දු

10. දසුන් ශානක

11. මහේෂ් තීක්ෂණ

12. ජනිත් ලියනගේ

13. දුනිත් වෙල්ලාලගේ

14. නිරෝෂන් දික්වැල්ල

15. ජෙෆ්රි වැන්ඩර්සේ

16. ප්‍රභාත් ජයසූරිය

17. විශ්ව ප්‍රනාන්දු

18. මතීෂ පතිරණ

19. ඩිල්ෂාන් මධුශංක

20. පවන් රත්නායක

21. ඒෂාන් මාලිංග

22. මිලාන් රත්නායක

23. ලහිරු කුමාර

24. කසුන් රාජිත

25. අවිශ්ක ප්‍රනාන්දු

26. සධීර සමරවික්‍රම

27. රමේෂ් මෙන්ඩිස්

28. කමිල් මිෂාර

29. බිනුර ප්‍රනාන්දු

30. නුවන් තුෂාර

31. සොනාල් දිනූෂ

32. සහන් ආරච්චිගේ

33. ප්‍රමෝද් මධුෂාන්

34. ලසිත් කෲස්පුල්ලේ

35. ලහිරු උදාර

36. නුවනිදු ප්‍රනාන්දු

37. විජයකාන්ත් වියස්කාන්ත්

38. ඉසිත විජේසුන්දර

39. නිශාන් මධුෂ්ක

40. අකිල ධනංජය

41. චාමික කරුණාරත්න

42. පසිඳු සූරියබණ්ඩාර

43. මොහොමඩ් ශිරාස්

44. වනුජ සහන්

45. දිලුම් සුදීර

46. ​​තරිඳු රත්නායක

මූලාශ්‍රය – ශ්‍රී ලංකා ක්‍රිකට්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website