ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් හයවැනි වරටත් සංවිධානය කෙරෙන ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක තේරීම (Player Draft) අද (ජූනි 1) කොළඹදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. මෙවර ක්‍රීඩක තේරීම සඳහා දේශීය ක්‍රීඩකයින් 179 දෙනෙකු සහ විදේශීය ක්‍රීඩකයින් 242 දෙනෙකු ඇතුළුව සමස්ත ක්‍රීඩකයින් 421 දෙනෙකු ලියාපදිංචි වී සිටි අතර, ඔවුන් අතරින් කණ්ඩායම් පහ විසින් අවශ්‍ය ක්‍රීඩකයින් තෝරා ගනු ලැබීය.
කුසපත් ඇදීමෙන් පසු පළමු තේරීම හිමි කරගත් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ප්ලැටිනම් දේශීය කාණ්ඩය යටතේ අවිශ්ක ප්‍රනාන්දුව තෝරා ගැනීමත් සමඟ මෙවර ක්‍රීඩක තේරීමේ කටයුතු ආරම්භ විය.
ඉහළම වටිනාකමක් සහිත ප්ලැටිනම් දේශීය කාණ්ඩයේදී බිනුර ප්‍රනාන්දු කලම්බු කැප්ස් කණ්ඩායමට එක්වූ අතර, නුවන් තුෂාර කැන්ඩි රෝයල්ස් කණ්ඩායම විසින් ද, මහීෂ් තීක්ෂණ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම විසින් ද, චරිත් අසලංක ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම විසින් ද තෝරා ගනු ලැබීය.
අනතුරුව පැවැති ප්ලැටිනම් විදේශීය කාණ්ඩයේදී ජැෆ්නා කිංග්ස් කණ්ඩායම 41 හැවිරිදි නැමීබියානු තුන් ඉරියව් ක්‍රීඩක ඩේවිඩ් වීසේ සිය කණ්ඩායමට එක්කර ගැනීම කැපී පෙනුණු සිදුවීමක් විය.
එම කාණ්ඩය යටතේ මෙතෙක් පැවැති එල්.පී.එල්. තරගාවලි පහටම ක්‍රීඩා කර ඇති ඇෆ්ගනිස්ථාන ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරු රාහ්මනුල්ලා ගුර්බාස් කැන්ඩි රෝයල්ස් කණ්ඩායම විසින් තෝරා ගනු ලැබූ අතර, මුජීබ් උර් රෙහ්මාන් කලම්බු කැප්ස් කණ්ඩායමටත්, ෆසල්හක් ෆරුකි දඹුල්ල සික්සර්ස් කණ්ඩායමටත් සහ මුහමඩ් නවාස් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායමටත් එක්විය.
මෙවර ක්‍රීඩක තේරීමේදී ගෝල්ඩ් දේශීය කාණ්ඩය යටතේ වට තුනක් සහ ගෝල්ඩ් විදේශීය කාණ්ඩය යටතේ එක් වටයක් පැවැත්වුණු අතර, අනතුරුව ක්ලැසික් දේශීය කාණ්ඩය යටතේ වට තුනක් සහ ක්ලැසික් විදේශීය කාණ්ඩය යටතේ වට දෙකක් ද පැවැත්විණි.
| වටය | කාණ්ඩය | ජැෆ්නා කිංග්ස් | කලම්බු කැප්ස් | කැන්ඩි රෝයල්ස් | දඹුල්ල සික්සර්ස් | ගෝල් ගැලන්ට්ස් |
| ගිවිසුම්ගත | ස්ටාර් – දේශීය | දුනිත් වෙල්ලාලගේ | කමිඳු මෙන්ඩිස් | ඇන්ජලෝ මැතිව්ස් | රීසා හෙන්රික්ස් | එෂාන් මාලිංග |
| ගිවිසුම්ගත | ස්ටාර් – විදේශීය | ටස්කින් අහමඩ් | බෙන් මැක්ඩර්මට් | විජේ ශංකර් | දිනේෂ් චන්දිමාල් | ලිටන් දාස් |
| ගිවිසුම්ගත | අයිකන් – දේශීය | භානුක රාජපක්ෂ | කුසල් මෙන්ඩිස් | වනිඳු හසරංග | දුෂ්මන්ත චමීර | දසුන් ශානක |
| ගිවිසුම්ගත | අයිකන් – විදේශීය | ශකීබ් අල්හසන් | ජිමී නීෂම් | මොයිනී අලී | සහිබ්සදා ෆර්හාන් | රසී වැන්ඩර් ඩුසේන් |
| i වටය | ප්ලැටිනම් – දේශීය | අවිශ්ක ප්‍රනාන්දු | බිනුර ප්‍රනාන්දු | නුවන් තුෂාර | මහීෂ් තීක්ෂණ | චරිත් අසලංක |
| ii වටය | ප්ලැටිනම් – විදේශීය | ඩේවිඩ් වීසේ | මුජීබ් උර් රෙහ්මාන් | රාමනුල්ලා ගුර්බාස් | ෆසල්හක් ෆරුකි | මුහමඩ් නවාස් |
| iii වටය | ගෝල්ඩ් – දේශීය | ඩිල්ෂාන් මදුශංක | සදීර සමරවික්‍රම | කුසල් පෙරේරා | නිරෝෂන් දික්වැල්ල | ප්‍රමෝද් මදුෂාන් |
| iv වටය | ගෝල්ඩ් – දේශීය | කමිල් මිශාර | මිලාන් රත්නායක | අසිත ප්‍රනාන්දු | පවන් රත්නායක | ලසිත් කෘෘස්පුල්ලේ |
| v වටය | ගෝල්ඩ් – දේශීය | ට්‍රෙවීන් මැතිව් | ජනිත් ලියනගේ | ගරුක සංකෙත් | අකිල ධනංජය | වි. වියස්කාන්ත් |
| vi වටය | ගෝල්ඩ් – විදේශීය | ඊබ්‍රහිම් සද්රාන් | ශහන්වාස් දහානි | ඩැනියල් සෑම්ස් | මොහොමඩ් වසීම් | අකීෆ් ජාවෙඩ් |
| vii වටය | ක්ලැසික් – දේශීය | මොහොමඩ් ශිරාස් | ජෙෆ්රි වැන්ඩර්සි | විශේන් හැළඹගේ | ධනංජය ලක්ෂාන් | සහන් ආරච්චිගේ |
| viii වටය | ක්ලැසික් – දේශීය | චමිදු වික්‍රමසිංහ | තනුක දාබරේ | මුදිත ලක්ෂාන් | රමේෂ් මෙන්ඩිස් | චාමික කරුණාරත්න |
| ix වටය | ක්ලැසික් – දේශීය | නුවනිඳු ප්‍රනාන්දු | මොවින් සුබසිංහ | ළහිරු උදාර | සචිත ජයතිලක | තරිඳු රත්නායක |
| x වටය | ක්ලැසික් – විදේශීය | සංදීප් ලමිචේන් | මොහොමඩ් හැරිස් | ඩේල් පිලිප්ස් | ගුල්බදීන් නයිබ් | සෑම් හාපර් |
| xi වටය | ක්ලැසික් – විදේශීය | ලිසාඩ් විලියම්ස් | හසන් මහමූද් | සශීර් ඛාන් | ඩියාන් ෆොරෙස්ටර් | මෙහෙදි මිරාස් |
| xii වටය | ඇසෝසියේට් ස්ටාර් | ඩිපේන්ද්‍ර අයිරී | කුෂාල් භූර්ටල් | බ්‍රෙන්ඩන් මැකලීන් | ශාඩ්ලි ෂොලැක්වික් | හයිදර් අලී |
| xiii වටය | එමර්ජින් – දේශීය | කුගදාස් මාතුලන් | මල්ෂ තරුපති | සහන් මිහිර | විශ්ව කුමාර | දිනුර කලුපහන |
| xiv වටය | එමර්ජින් – දේශීය | ප්‍රවීන් මනීෂ | ශාරුජන් ශන්මුගනාදන් | දේවා සිල්වා | ගයන වීරසිංහ | යූරි කොත්තිගොඩ |
| xv වටය | ගෝල්ඩ් ඔප්ෂනල් | නිශාන් මදුෂ්ක | වනුජ සහන් | දුෂාන් හේමන්ත | – | කසුන් රජිත |
| xvi වටය | ක්ලැසික් ඔප්ෂනල් | ඇන්තන් ප්රග්සන් | ඉසිත විජේසුන්දර | සචිඳු කොළඹගේ |
source: srillankacricket.lk













