01) 2026.05.29 වන දින රාත්රී 07.20 ට පමණ පේරාදෙණිය චෙන්කලඩි මාර්ගයේ 5/3 බෝක්කුව අසලදී මාර්ගයේ ගමන්ගත් යතුරුපැදියක ගැටී පදිකයෙකු මිය ගොස් ඇත. මරණකරු වයස අවුරුදු 58 ක් වන පේරාදෙණිය ප්රදේශකරුවෙකි.
අත්අඩංගුවේ පසුවන සැකකාර රියදුරු වයස අවුරුදු 33ක් වන ගම්පොල ප්රදේශයේ පදිංචිකරුවෙකි.
02) 2026.05.29 වන දින රාත්රී 07.25 ට පමණ නිට්ටඹුව තිහාරිය වාරණ මාර්ගයේදී යතුරුපැදියක ගැටුනු වයස අවුරුදු 70 ක් වන කාන්තාවක් මියගොස් ඇත. මියගිය කාන්තාව වයස කලගෙඩිහේන ප්රදේශයේ පදිංචිකාරියකි. අත්අඩංගුවේ පසුවන සැකකාර යතුරුපැදිකරු වයස අවුරුදු 21 ක් වන පස්යාල ප්රදේශයේ පදිංචිකරුවෙකි.
03) 2026.05.31 වන දින සවස 05.15 ට පමණ බුත්තල යටියල්ලතොට මාර්ගයේදී බීමත්ව පසුපැදිකරුවන් දෙදෙනෙකුද සමඟ පැමිණි යතුරුපැදියක ගැටී යතුරුපැදියකින් ගමන්ගනිමින් සිටි පොලිස් සැරයන් වරයෙකු ජීවිතක්ෂයට පත්විය. තුවාල ලබා රෝහල්ගත කර ඇති සැකකාර යතුරුපැදිකරු වයස අවුරුදු 36 ක් වන බුත්තල උනාවටුන ප්රදේශයේ පදිංචිකරුවෙකි. මියගිය සැරයන්වරයා වයස අවුරුදු 54 ක් වන ගෝනගංආර පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරමින් සිටින 10325 ජයසේකර නිලධාරීයායි.
04) 2026.05.30 වන දින දහවල් 12.30 ට පමණ ඇල්පිටිය අම්බලන්ගොඩ මාර්ගයේ කථකන්ද ගොඩපාරට හැරෙන හන්දිය අසලදී ලොරි රථයක් පදියෙකුගේ ගැටී පදිකයා මිය ගොස් ඇත. මරණකරු වයස අවුරුදු 46 ක් වන පේරාදෙණිය ප්රදේශකරුවෙකි. අත්අඩංගුවේ පසුවන සැකකාර රියදුරු වයස අවුරුදු 24 ක් වන ගම්පොල ප්රදේශයේ පදිංචිකරුවෙකි.
05) 2026.05.30 වන දින අළුයම 0245 ට පමණ ගිරිඋල්ල පස්යාල මාර්ගයේ ඩී.එස් හන්දිය ආසන්නයේ නවත්වා තිබී ලොරි රථයක ගැටුනු ත්රීරෝද රථයක සිටි මගියෙකු මියගොස් ඇත. මරණකරු වයස අවුරුදු 68 ක් වන පස්යාල ප්රදේශයේ ප්රදේශකරුවෙකි. තුවාල ලබා සිටින ත්රී රෝද රථයේ රියදුරු වයස අවුරුදු 53 ක් වන පස්යාල ප්රදේශයේම පදිංචිකරුවෙකි.
06) 2026.05.30 වන දින දහවල් 12.05 ට පමණ වැලිවේරිය නව නුවර මාර්ගයේදී යතුරු පැදියක් ත්රී රෝද රථයක ගැටී යතුරුපැදිකරු විසිවී ගොස් කැබ් රථයක ගැටීමෙන් යතුරුපැදිකරු මියගොස් ඇත. මරණකරු වයස අවුරුදු 59 ක් වන හේනේගම ප්රදේශයේ ප්රදේශකරුවෙකි. අත්අඩංගුවට ගෙන ඇති කැබ් රථයේ රියදුරු වයස අවුරුදු 24 ක් වන මල්වාන ප්රදේශයේ පදිංචිකරුවෙකි.
07) 2026.05.29 වන දින උදෑසන 09.50ට පමණ ගලිගමුව අවිස්සාවේල්ල මර්ගයේ කොටියාකුඹුර ආසන්නයේදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මිය ගොස් ඇත. මරණකරු වයස අවුරුදු 70 ක් වන පේරාදෙණිය ප්රදේශකරුවෙකි.
අත්අඩංගුවේ පසුවන සැකකාර රියදුරු වයස අවුරුදු 19ක් වන වත්තල ප්රදේශයේ පදිංචිකරුවෙකි.
08) 2026.05.30 වන දින රාත්රී 12.00 ට පමණ මහියංගණය කෙසෙල්පොත ඉකිරියගොඩ අතුරුමාර්ගයේදී යතුරුපැදියක් හා ලියාපදිංචි නොකළ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් ලියාපදිංචි යතුරුපැදියේ පැදිකරු මිය ගොස් ඇත. මරණකරු වයස අවුරුදු 22 ක් වන මාපාකඩවැව ප්රදේශයේ පදිංචිකරුවෙකි. මරණකරුගේ වරදින් අනතුර සිදුව ඇති බව අනාවරණය වී තිබේ.
09) 2026.05.31 වන දින දහවල් 13.35 ට පමණ ගාල්ල මාතර මාර්ගයේ වැලිගම තානායම අසලදී පුද්ගලික බස් රථයක ගැටුනු කාන්තාවක් මියගොස් ඇත. මරණකාරිය වයස අවුරුදු 67 ක් වන කටුවාන ප්රදේශයේ පදිංචිකරුවෙකි. අත්අඩංගුවට ගෙන ඇති බස් රථයේ රියදුරු වයස අවුරුදු 44 ක් වන මාතර ප්රදේශයේ පදිංචිකරුවෙකි.
10) 2026.05.31 වන දින උදෑසන 09.40 ට පමණ දේවාලේගම ඉඹුල්ගස්දෙණිය ප්රදේශයේදී යතුරුපැදියක ගැටී පා ගමනින් ගමන්කරමින් සිටි වයස අවුරුදු 57ක පුද්ගලයෙකු මියගොස් ඇත. අත්අඩංගුවේ පසුවන සැකකාර පැදිකරු වයස අවුරදු 26 ක් වන රඹුක්කන ප්රදේශයේ පදිංචිකරුවෙකි.
11) 2026.05.30 වන දින අළුයම 12.15 ට පමණ ගනේමුල්ල ජා ඇල මාර්ගයේදී යතුරුපැදිය පාලනය කරගත නොහැකි වූ පැදිකරුවෙකු තාප්පයක ගැටීමෙන් යතුරුපැදිකරු මියගොස් පසුපැදිකරු තුවාල ලබා ඇත. මියගිය පැදිකරු වයස අවුරදු 20 ක් වන රාගම මතතුමගල ප්රදේශයේ පදිංචිකරුවෙකි. තුවාල ලබා ප්රතිකාර ලබන පුද්ගලයා වයස අවුරුදු 20 ක් වන පුද්ගලයෙකි.
12) 2026.05.31 වන දින දහවල් 12.30 ට පමණ හලාවත කොළඹ ප්රධාන මාර්ගයේ මීගමුව ප්රදේශයේදී බස් රථයක ගැටීමෙන් කාන්තාවක් මිය ගොස් ඇත. මියගිය කාන්තාව වයස අවුරුදු 76 වන කුරණ ප්රදේශයේ පදිංචිකාරියකි. අත්අඩංගුවේ පසුවන සැකකාර රියදුරු වයස අවුරුදු 51 ක් වන ඇඹිලිපිටිය ප්රදේශයේ පදිංචිකරුවෙකි.
13) 2026.05.31 දින රාත්රී මීගොඩ පොලිස් වසමේ හයිලෙවෙල් මාර්ගයේ පැවති රොටී දන්සලක් අසල රැදී සිටි පුද්ගලයින් පිරිසක් දෙසට කැබ් රථයක් ධාවනය වීම දන්සලේ පෝලිමේ රැදී සිටි පුද්ගලයින් 13 දෙනෙකු තුවාල ලබා හෝමාගම රෝහල වෙත රැගෙන යමින් සිටියදී ඔවුන්ගෙන් 06 දෙනෙකු මියගොස් ඇත. මරණකරුවන් වයස අවුරුදු 38, 35, 32, 15, 56 යන වයස් වල පසුවන හංවැල්ල, අවිස්සාවේල්ල සහ පිළියන්දල ප්රදේශ වල පදිංචි අයවළුන් වෙයි. කැබ් රථය සහ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාර රියැදුරා වයස අවුරුදු 42 ක් වන පිලියන්දල ප්රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අනතුර සිදුවන අවස්ථාවේ සැකකරු බිමත්ව සිටි බවට අනාවරණය වී ඇත. තුවාලකරුවන් 07 දෙනෙකු හෝමාගම රෝහලේ නේවාසිකව ප්රතිකාර ලබමින් පසුවේ.
















