ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා ගල් අඟුරු ප්රසම්පාදන ගනුදෙනු විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද විශේෂ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිට ඇත.
ටිල්වින් සිල්වා විසින් කරන ලදැයි කියන ප්රකාශයක් සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන්ගෙන් ලැබුණු පැමිණිලි කිහිපයක් සලකා බැලීමෙන් පසුව මෙම සිතාසිය නිකුත් කළ බව කොමිසම ප්රකාශ කළේය.
අදාළ ප්රකාශ සම්බන්ධයෙන් ඔහුගෙන් ප්රකාශයක් සටහන් කර ගන්නා ලද බව ද කොමිෂම සඳහන් කළේය.















