ඩොලරයේ අගය ශීඝ්‍රයෙන් ඉහළ යාම නිසා රටට සිදුවන බලපෑම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (21) පාර්ලිමේන්තුවේ දී දත්ත සාක්ෂි සහිතව දීර්ඝ පැහැදිලි කිරීමක් සිදු කළේය.
රජය මේ සම්බන්ධයෙන් කඩිනම් පියවර ගත යුතු බව විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.
රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් ජනතාවටත් රටටත් ව්‍යාපාර හා කර්මාන්තවලට සිදුවන බලපෑම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අද විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ අනෙකුත් පාර්ශ්වය රැස්වීමට ද නියමිතය. එහි දී ගනු ලබන තීරණ සහ යෝජනා ඉදිරියේදී පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කර රජය දැනුවත් කිරීමට ද නියමිතය.














