යතුරුපැදියක් වෑන් රථයක ගැටී පසුපැදිකරු ජීවිතක්ෂයට

දමන පොලිස් වසමේ දමන කෙත්සිරිගම මාර්ගයේ 03 වන පාලම ආසන්නයේදී ඊයේ (20) කෙත්සිරිගම දෙසට ධාවනය වූ යතුරුපැදියක් ඉදිරියෙන් ධාවනය වූ වෑන් රථයකට ඉස්සර කිරීමට යාමේදී වෑන් රථයේ ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු හා පසුපැදිකරු අම්පාර රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු පසුපැදිකරු මියගොස් ඇත.

මරණකරු අවුරුදු 25 ක් වූ ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

වෑන් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර දමන පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website