මල්වාන ඉඩමත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට පවරාගෙන, ශක්‍යතා අධ්‍යනයක් සිදු කර අනතුරුව සුදුසු උසස් අධ්‍යාපන ආයතනයකට පවරා ගැනීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පැවසුවාය.
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ශිෂ්‍ය නියෝජිතයින් සමඟ අද (18) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවාය.
මෙහි දී වැඩි දුරටත් කරුණු දැක් වූ අග්‍රාමාත්‍යවරිය මෙසේ ද පැවසුවාය, “විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ ගැටලුවලට සවන් දීමට අවශ්‍ය ඕනෑම මොහොතක අපි සූදානම්. තීන්දු තීරණවලට එළඹිය යුත්තේ සියලු අංශ සමඟ සාකච්ඡා කොට, පුළුල් අධීක්ෂණයකින් අනතුරුවයි. ඒ වගේම මල්වාන ඉඩමත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට පවරාගෙන, ශක්‍යතා අධ්‍යනයක් සිදු කර අනතුරුව සුදුසු උසස් අධ්‍යාපන ආයතනයකට පවරා ගන්න අපි කටයුතු කරනවා”















