එංගලන්තයේ, ලන්ඩන් නුවර පැවැත්වෙන රාජ්‍ය නායක සමුළුවකට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අද (18) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගිය බව අග්‍රාමාත්‍ය කාර්යාල පවසයි. අග්‍රාමාත්‍යවරිය ඇතුළු නියෝජිත පිරිස ලබන 23 වනදා යළි දිවයිනට පැමිණීමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලය පැවසුවේය.
අගමැති හරිනි රාජ්‍ය නායක සමුළුවකට ලන්ඩන් යයි












