වර්තමානයේ ශ්‍රී ලංකාවේ උපදේශන සේවයෙ විශාල ගැටලු පවතින බවත් සමහර උපදේශන සේවාවන් ලබා ගැනීමට වඩා ඒවා ලබා නො ගැනීම සුදුසු බවත් ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා පවසයි.
මනෝවිද්‍යා උපදේශන සේවාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් කෙටුම්පත් කිරීම සඳහා අදාළ පාර්ශ්වයන්ගේ අදහස් ලබාගැනීමේ සම්මන්ත්‍රණයට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවේය. අද (18) පෙරවරුවේ දී ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී මෙම සම්මන්ත්‍රණය පැවැත්වුණේය.
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක උපදේශන අංශය මගින් මෙම සම්මන්ත්‍රණය අද (18) පෙරවරුවේ දී ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී මෙම සම්මන්ත්‍රණය පැවැත්වුණේය.
පසුගිය දශක කිහිපය තුළ රටේ ජනතාවගේ සිතුම් පැතුම් සංකීර්ණ වී ඇති බවත් මානසික පීඩාවන් දරාගත නොහැකිව සිය දිවි හානිකර ගැනීමේ ප්‍රවණතාව ඉහළ යාම දක්වා එය වර්ධනය වී ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
“එම ප්‍රවණතාව කොතරම් හානිකර ද කියනවා නම් ලංකාවේ පුද්ගලයින් 100,000කට 15 දෙනෙක් සිය දිවි නසා ගන්නවා. මෙය වහාම පාලනය කළ යුතු තත්ත්වයක්” අමාත්‍යවරයා පැවසුවේය.













