බලශක්ති අර්බුදය අවසන් නොවුණත් වෙසක් සතිය තුළ අවශ්‍ය පරිදි විදුලිය ලබාදීමට පියවර ගන්නා බව අග්‍රමාත්‍ය හරිනි අමරසූරිය පැවසුවාය.
අග්‍රාමාත්‍ය කාර්යාලයේ අද (15) දින පැවැති රාජ්‍ය සේවය ක්‍රමවත්ව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් පත්කළ කමිටුවේ 06වන රැස්වීම් වාරයේ අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවාය.
තව දුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය මෙසේ ද පැවසුවාය, “අර්බුදය තාම අවසන් නැහැ. බලශක්ති අර්බුදය වෙන රටවල මෙන් ජනතාවට පීඩාවක් නොවෙන්න රජය කළමනාකරණය කළා. ජනතාවට බරක් නොවී ඒ වියදම රජය දරාගෙන තිරසර කළමනාකරණ ක්‍රියාවලියක් අනුගමනය කළා. වෙසක් සතිය තුළ අවශ්‍ය පරිදි විදුලිය ලබා දීම සිදුත් කරනවා”















