ශ්රී ලංකා ක්රිකට් ආයතනය (Sri Lanka Cricket) සංවිධානය කරනු ලබන අන්තර් ක්රීඩා සමාජ පන්දුවාර විස්සයි-20 ක්රිකට් තරගාවලියේ මූලික තරග කාලසටහනෙහි සඳහන් තරගවල සංශෝධනයක් සිදු කිරීමට තරග සංවිධායක කමිටුව පියවර ගෙන ඇත.
මෙම සංශෝධනයට අනුව මේ මස 13 වැනිදා සිට ආරම්භ වන තරග කිහිපයක ප්රතිවාදීන්, වේලාවන් සහ ක්රීඩාංගණයන් වල සංශෝධන සිදුකර තිබේ. ක්රීඩා සමාජවලින් සිදුකරන ලද ඉල්ලීම් සලකා බලමින් තරග සංවිධායක කමිටුව උක්ත පියවරගෙන තිබේ.
සංශෝධිත කාලසටහනට අනුව ඇතැම් තරග පෙර නියමිත ක්රීඩාංගණ වලින් වෙනත් ක්රීඩාංගණ වෙත මාරු කර ඇති අතර, සමහර තරග වල ආරම්භක වේලාවන් ද වෙනස් කර ඇත.
සංශෝධනය කරන ලද තරග මෙසේය.
මැයි 17 – පෙ.ව. 9.45 – 12.55 දක්වා – කෝල්ට්ස් සහ එන්. සී. සී. – පී. සරා ක්රීඩාංගණය
ප.ව. 2.00 – පස්වරු 5.10 – මුවර්ස් සහ බී. ආර්. සී. – පී. සරා ක්රීඩාංගණය
මැයි 19 – 9.45 – 12.55 දක්වා – බ්ලූම්ෆීල්ඩ් සහ පොලිස් – එන්. සී. සී. ක්රීඩාංගණය
ප.ව. 2.00 – පස්වරු 5.10 – ටැමිල් යූනියන් සහ කුරුණෑගල තරුණ – එන්. සී. සී. ක්රීඩාංගණය
මැයි 21 – 9.45 – 12.55 දක්වා – ඒස්. කැපිටල් සහ කෝල්ට්ස් – පී. සරා ක්රීඩාංගණය
ප.ව. 2.00 – පස්වරු 5.10 – නුගේගොඩ සහ බී. ආර්. සී. – පී. සරා ක්රීඩාංගණය
මැයි 23 – පෙරවරු 9.45 – ප.ව. 12.55 කෝල්ට්ස් සහ පන්දුර – එන්.සී.සී. ක්රීඩාංගණය
ප.ව. 2.00 – ප.ව. 5.10 – බී.ආර්.සී. සහ කෝල්ට්ස් – එන්. සී. සී. ක්රීඩාංගණය
මැයි 23 – පෙ.ව. 9.45 – ප.ව. 12.55 – එස්.එස්.සී. සහ පොලිස් – කෝල්ට්ස් ක්රීඩාංගණය
ප.ව. 2.00 – ප.ව. 5.10 බදුරලිය සහ කුරුණෑගල තරුණ – කෝල්ට්ස්
මැයි 25 පෙ.ව. 9.45 – ප.ව. 12.55 – පොලිස් සහ ඒස් කැපිටලන් – එන්.සී.සී.
ප.ව. 2.00 – ප.ව. 5.10 – කුරුණෑගල තරුණ සහ නුගේගොඩ – එන්.සී.සී. ක්රීඩාංගණය














