අද (10) දින අළුයම කටුනායක ගුවන්තොටුපල පැමිණීමේ පර්යන්තයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශ ගුවන්තොටුපල ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලීමක් සිදුකර හෂීස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 04 ග්‍රෑම් 778 ක් ගුවන් මගින් මෙරටට රැගෙන එන ලද සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු වයස අවුරුදු 24 ක් වන ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය මගින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.














