වියට්නාම් ජනාධිපතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරයට අදාළව කොළඹ නගරය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක්

අද (08) දින අළුයම දිවයිනට පැමිණි වියට්නාම් ජනාධිපතිවරයාගේ ශ්‍රී ලංකා නිල සංචාරය වෙනුවෙන්  ශ්‍රී ලංකා පොලිසිය විසින් එම සංචාරක කාලසීමාව තුළ කොළඹ නගරය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

එම රථවාහන සැලැස්ම පහත දැක්වේ.

2026.05.08 දින උදෑසන ප්‍රභූවරයා මහජන පුස්තකාලය, පාර්ලිමේන්තුව හා ජනාධිපති මන්දිරය වෙත ගමන් කිරීම.

එම කාලය තුල ගාලු මැද පාර, ගාලුමුවදොර වටරවුම, කොල්ලුපිටිය හන්දිය, ලිබර්ටි වටරවුම, පිත්තල හන්දිය, ධර්මපාල මාවත, රතුකුරුස වටරවුම, හෝටන් වටරවුම, හෝටන් පෙදෙස, ඩී.එස්. හන්දිය, මොඩල්ෆාම් හන්දිය, ආයුර්වේද හන්දිය, ආයුර්වේද වටරවුම, නෙළුම් පොකුණ වටරවුම, ආනන්ද කුමාරස්වාමි මාවත, පුස්තකාල හන්දිය, මල්පාර හන්දිය, ශාන්ත මයිකල් වටරවුම, ශාන්ත මයිකල් පාර හන්දිය, බාලදක්ෂ මාවත, එන්.එස්.ඒ. වටරවුම, ජනාධිපති මාවත, බැංකු මාවත හන්දිය දක්වා රථවාහන ගමනාගමනය සීමා කරනු ලැබේ.

විකල්ප මාර්‌ග –

ගාලු පාර ඔස්සේ කොළඹට ගමන් කරන සියළුම වාහන

 ගාලු මුවදොර වටරවුමෙන් දකුණට හරවා අලියා නාන වටරවුම ඔස්සේ බාලදක්ෂ මාවත, නව ගුවන්පාලම හා කොම්පඤ්ඤවීදිය, නවම් මාවත දෙසින් කොම්පඤ්ඤවීදිය හන්දිය හා කොම්පඤ්ඤවීදිය පොලිසිය දෙසට ගමන් කිරීම හා යුනියන් පෙදෙස ඔස්සේ ඉබ්බන්වල හන්දිය, ඩාලි පාර, ගාමිණී වටරවුම ඔස්සේද, රීගල් වටරවුමෙන් වමට හැරී ඩී.ආර්. විජේවර්ධන මාවත ඔස්සේද කොළඹට ඇතුළු විය හැක.

 නුවර පාර, අවිස්සාවේල්ල මාර්ගයන් ඔස්සේ ඇතුළු වන සියළුම වාහන බාධාවකින් තොරව ඇතුළුවිය හැකිය.

කොළඹින් පිටවන සියළුම වාහන

 ටෙක්නිකල් හන්දිය ඔස්සේ මරදාන/බොරැල්ල දෙසට හා ආමර් බාබර් හන්දිය දෙසට හා මාලිගාවත්ත ඔස්සේ බේස්ලයින් මාර්‌ගයට ගමන් කරද ගාමිණී වටරවුම, ඩාලි පාර, කොම්පඤ්ඤවීදිය, මැලේ වීදිය දෙසින් ගමන් කර ගාලු මුවදොර වටරවුම වෙත ගමන් කර කොළඹින් පිටවිය හැක.

2026.05.08 දින දහවල් කාලයේ ජනාධිපති මන්දිරයේ සිට හිල්ටන් හෝටලය වෙත ගමන් කිරීම.

එම කාලය තුල ජනාධිපති මාවත, බැංකු මාවත, හිල්ටන් හෝටලය දක්වා රථවාහන ගමනාගමනය සීමා කරනු ලැබේ.

විකල්ප මාර්‌ග –

කොළඹ පිටකොටුව දෙස සිට කොළඹින් පිටවන වාහන

 සෙරමික් හන්දියෙන් ‌වමට හරවා කොම්පඤ්ඤවීදිය දෙසට හා ඩී.ආර්. විජේවර්ධන මාවතින්ද, හයිලෙවල් පාර, ගාලු පාර හා 120 මාර්ගයට ගමන් කරන සියළුම වාහන ටෙක්නිකල් හන්දිය ඔස්සේ මරදාන බොරැල්ල දෙසට හා ලිප්ටන් වටරවුම, සොයිසා වටරවුම කන්නන්ගර මාවත ඔස්සේ නෙළුම් පොකුණ වටරවුම හරහා නන්දා මෝටර්ස් හන්දිය, නිදහස් වටරවුම, රිඩ් මාවත ඔස්සේ කොළඹින් පිටවිය හැක.

ගාලු පාර, හැව්ලොක් පාර, හයිලෙවල් පාර ඔස්සේ කොළඹට ඇතුළුවන ‌වාහන

 ලිබර්ටි වට රවුමෙන් වමට හැරී පිත්තල හන්දිය ඔස්සේද, තුන්මුල්ල හන්දිය ඔස්සේ ගමන් කර රීඩ් මාවත තර්ස්ටන් පාර, ජේ.ඕ.සී. හන්දිය, ග්ලාස් හවුස් හන්දිය, නන්දා මෝර්ටස් හන්දිය, නෙළුම් පොකුණ හරහා කන්නංගර මාවත ඔස්සේ සොයිසා වටරවුම හරහා ගමන් කිරීමට අවස්ථාව ලබා දෙනු ලැබේ.

2026.05.08 දින සවස කාලයේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොල වෙත ගමන් කිරීම.

එම කාලය තුල යොර්ක් වීදිය, බැංකු මාවත, ජනාධිපති මාවත, එන්.එස්.ඒ.වටරවුම, චෛත්‍ය පාර, වරාය පරිශ්‍රය, අධිවේගී මාර්‌ගය ඔස්සේ ගමන් කිරීමට නියමිතව ඇත.

විකල්ප මාර්ග –

පිටකොටුව දෙස සිට කොළඹින් පිටවන වාහන

 සෙරමික් හන්දියෙන් වමට හරවා කොම්පඤ්ඤවීදිය දෙසට හා ඩී.ආර්. විජේවර්ධන මාවතින්ද, හයිලෙවල් පාර, ගාලු පාර හා 120 මාර්ගයට ගමන් කරන සියළුම වාහන ටෙක්නිකල් වටරවුම ඔස්සේ මරදාන බොරැල්ල දෙසට හා ලිප්ටන් වටරවුම, සොයිසා වටරවුම, කන්නංගර මාවත ඔස්සේ නෙළුම් පොකුණ වටරවුම හරහා නන්දා මෝටර්ස් හන්දිය, නිදහස් වටරවුම, රීඩ් මාවත ඔස්සේ කොළඹින් පිටවිය හැක.

ගාලු පාර, හැව්ලොක් පාර, හයිලෙවල් පාර ඔස්සේ කොළඹට ඇතුළුවන වාහන

 ලිබර්ටි වටරවුමෙන් වමට හැරී පිත්තල හන්දිය ඔස්සේද තුම්මුල්ල හන්දිය ඔස්සේ ගමන් කර රීඩ් මාවත, තර්ස්ටන් පාර, ජේ.ඕ.සී. හන්දිය, ග්ලාස් හවුස් හන්දිය, නන්දා මෝටර්ස් හන්දිය, නෙළුම් පොකුණ, කන්නංගර මාවත, සොයිසා වටරවුම ඔස්සේ ගමන් කිරීමට අවස්ථාව ලබාදෙනු ලැබේ.

2026.05.07 හා 2026.05.08 යන දිනයන්හි සදහන් කර ඇති කාලසීමාවන් තුල ප්‍රභූ සංචාරයන් යෙදීමට අදාලව අවස්ථානුකූලව ඇති වන තත්ත්වයන් මත ඉහත දක්වා ඇති මාර්ගයන්හි රථවාහන ගමනාගමනය සීමා කිරීම් සිදුවිය හැකිය.

ප්‍රභූවරයා ගමන් ආරම්භ කිරීමට පැය දෙකකට පෙර සිට ඉහත ගමන් මාර්ගයන් වෙත බර වාහන ඇතුළු නොකරන අතර අනෙකුත් වාහන ඇතුළුවීම සීමා කරනු ලබයි.

ප්‍රභූවරයාගේ සංචාරක කාලසීමාව තුල ඉහත රථවාහන සැලැස්මට අනුව විකල්ප මාර්ග භාවිතා කරන ලෙස රියදුරන්ට දැනුම්දෙන්නෙමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website