පැල්මඩුල්ල පොලිස් වසමෙන් දිවෙන ඒ-004 කොළඹ මඩකලපුව මාර්ගයේ කිලෝමීටර් 113/03 බෝක්කුව අසල දී ඊයේ (06) අළුයම පැල්මඩුල්ල දෙස සිට රත්නපුරය දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් රත්නපුර දෙස සිට පැල්මඩුල්ල දෙසට ධාවනය වූ ලොරි රථයක ගැටීමෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්විය
ඔවුන් ත්‍රී රෝද රථයේ පසුපස ගමන්කළ එකම පවුලේ වයස අවුරුදු 49 ක් වන මව හා වයස අවුරුදු 28 ක් වන පුත්‍රයායි. වයස අවුරුදු 23 ක් වන ත්‍රීරෝද රථ රියැදුරුද බරපතල තුවාල ලබා රත්නපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවේ.
ත්‍රීරෝද රථ රියැදුරුට නින්ද යාම හේතුවෙන් ත්‍රීරෝද රථය මාර්ගයේ දකුණු මංතීරුවට ගොස් ලොරි රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව විමර්ශනයේදී අනාවරණය වී ඇත.
ලොරි රථ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර පැල්මඩුල්ල පොලිස් ස්ථානය අනතුර සම්බන්ධව වැඩිදුර විමර්ශන සිදුකරයි.














