‘රටම එකට’ ජාතික මෙහෙයුමේ ප්‍රගතිය ජනපතිට හෙළිකරයි: වැටලීම් 80%කින් ඉහළට -168,460ක් අත්අඩංගුවට

‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ කිරීමෙන් පසු විෂ මත්ද්‍රව්‍යවලට අදාළ වැටලීම් 80%කින් ඉහළ ගොස් ඇති බව නිලධාරීහූ ජනාධිපතිවරයාට පෙන්වා දුන්හ.

විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය මුලිනුපුටා දැමීම සඳහා වූ “රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස් වූ අවස්ථාවේ නිලධාරීන් මේ බව හෙළි කළහ.

“රටම එකට” ජාතික මෙහෙයුම ආරම්භ කෙරුණු, 2025.10.30 වන දින සිට මේ දක්වා ගංජා කිලෝ ග්‍රෑම් 5437.457ක්, හොරොයින් කිලෝ ග්‍රෑම් 1936.325ක්, අයිස් කිලෝ ග්‍රෑම් 1991.414ක්, කොකේන් කිලෝග්‍රෑම් 271.724ක්, මත්පෙති 1,574,895ක් සහ නීති විරෝධී සිගරට් 629,988ක් අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඊට අදාළව සැකකරුවන් 168,460ක් අත්අඩංගුවට ගෙන තිබෙන බව මෙහි දී හෙළිවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website