මෙම වසරේ වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය 2026.05.30 වැනිදාට යොදා ගන්නා ලෙසත්, වෙසක් පුන් පොහොය දින විසා නැකත යෙදිය යුතු බවත් , එම දිනය එළබෙන මැයි මස 30 වැනිදා යෙදෙන බවත් අතිගෞරවණීය ත්‍රෛනිකායික මහා නායක ස්වාමීන්වහන්සේලා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පසුගිය වසරේ දෙසැම්බර් මස 20 වැනිදා ලිඛිතව දැනුම් දී ඇත.
ඒ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව නිකුත් කර ඇත. එම නිවේදනය පහතින් දැක්වේ.
















