රුසියානු සෞඛ්‍ය ඇමැති ශ්‍රී ලංකාවේ තෙදින නිල සංචාරයක

රුසියානු සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරෂ්කෝ ඇතුළු දූත පිරිසක් මැයි 3 වන දින තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි.

මෙම සංචාරය අතරතුර, රුසියානු දූත පිරිස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සමඟ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රුසියාව සහ ශ්‍රී ලංකාව අතර සබඳතා සහ සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳව සාකච්ඡා පවත්වනු ඇත.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සමඟ ද දූත පිරිස සාකච්ඡා පැවැත්වීමට නියමිත බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි.

මැයි 4 වන දින රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා සහ ඔහුගේ දූත පිරිස කොළඹ ජාතික රෝහල සහ කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය නැරඹීමට ද නියමිතය.

රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා සහ ඔහුගේ දූත පිරිස ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවයේ විවිධ අංශවල නියෝජිතයින් සමඟ සාකච්ඡා පවත්වා අදහස් හුවමාරු කර ගනු ඇති බව නිවේදනයේ දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website