2025අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත 2025/26අධ්‍යයන වර්ෂයට විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් භාරගැනීම අද (28) සිට මැයි 19 දක්වා සිදුකරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිවේදනය කරයි.
ඒ අනුව, සුදුසුකම් ලත් සියලුම සිසුන් තම අයදුම්පත් මාර්ගගතව ඉදිරිපත් කරන ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉල්ලා සිටී.
සිසුන්ට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය හරහා තම අයදුම්පත් ඉදිරිපත් කළ හැකිය.
යොමුව https://www.ugc.ac.lk
















