ඊයේ (20) දින කැකිරාව, කුඩා කැකිරාව වැවේ පුද්ගල මළ සිරුරක් ඇති බවට කැකිරාව පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත. මරණකරු අවුරුදු 35 ක් වූ කැකිරාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කැකිරාව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර වැඩිදුර විමර්ශන කැකිරාව පොලිසිය විසින් සිදු කරනු ලබයි.















