ඉන්දීය උප ජනපතිගේ දෙදින නිල සංචාරයට අදාළව විශේෂ රථවාහන සැලසුමක්

ඉන්දීය උප ජනාධිපති සී.පී රාධක්‍රිෂ්ණන් මහතාගේ මෙරට නිල සංචාරයට අදාළව හෙට (19) සහ අනිද්දා (20) යන දෙදින තුළ කොළඹ නගරය හා ඒ අවට විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය අද (18) නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

උප ජනාධිපතිවරයා හෙට (19) උදෑසන කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලින් දිවයිනට ළඟාවන අතර එතැන් සිට ඔහු ප්‍රභූ රථ පෙළකින් ගාලුමුවදොර ටාජ් සමුද්‍රා හෝටලයට පැමිණීමට නියමිත අතර එම කාලසීමාවේ අදාළ ප්‍රදේශ ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලාස්මක් ක්‍රියාත්මක වන බව ද පොලිසිය සදහන් කළේය.

ඉන් අනතුරුව ඉන්දීය උප ජනාධිපතිවරයා එම හෝටලයේ සිට ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා ගමන් කිරීමට නියමිත බැවින් ඒ ආශ්‍රිතව ද රථ වාහන ගමනාගමනය සීමා කෙරේ

අදාළ සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහත පළ වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website