දකුණු පළාත තුළ සිදු කළ බරපතළ අපරාධ රැසක වරෙන්තුකරු S.F රාජු ඉන්දියාවෙන් මෙරටට

ඇල්පිටිය ප්‍රදේශය අවට පොලිස් බල ප්‍රදේශ තුළින් වාර්තා වූ මනුෂ්‍ය ඝාතන හා බරපතල අපරාධ කිහිපයක් සඳහා සම්බන්ධ සංවිධානාත්මක අපරාධ සැකකරුවෙකු ලෙස හඳුනාගෙන තිබූ S.F රාජු නැමැත්තා අත්අඩංගුවට ගැනීම සඳහා සිදුකළ කාර්යභාරයේ ප්‍රතිඵලයක් ලෙස පසුගිය දිනක ඉන්දීය ආරක්ෂක අංශ විසින් ඔහුව ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන තිබුණි.

2026.04.17 වන දින රාත්‍රියේ මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරුව ගුවන් මගින් මෙරටට රැගෙන එන ලද අතර ඉදිරියේදී දැඩි ආරක්ෂාව යටතේ අදාළ අපරාධ සඳහා නඩු කටයුතු පවතින ගරු අධිකරණ වෙත ඉදිරිපත්කිරීමට නියමිතය.

කරන්දෙණිය සුද්දා නම් සංවිධානාත්මක අපරාධකරු හා සම්බන්ධව රාජු යන අනවරථ නාමයෙන් මෙම සැකකරු මීටියාගොඩ, හික්කඩුව , ඉමදූව ප්‍රදේශයේ ටී-56 ගිනි අවි භාවිතයෙන් වාර්තාවූ මනුෂ්‍ය ඝාතන සඳහා සම්බන්ධ බවට අනාවරණය වූ තොරතුරු අනුව විමර්ශන සිදුකළ විමර්ශන කණ්ඩායම්, මෙම සැකකරු සම්බන්ධව අවස්ථා කිහිපයකදී අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමට කටයුතු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website