නවදිල්ලියේ දී අත්අඩංගුවට ගත්  කරණ්දෙණිය සුද්දාගේ සහෝදරයා ‘රාජු’ දිවයිනට රැගෙන එයි

ඉන්දීය ආරක්ෂක අංශ භාරයේ සිටි සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයෙකු වන සෝබනහන්දි සනත් ද සිල්වා හෙවත් “රාජු” පසුගිය 17 වැනිදා රාත්‍රියේ දිවයිනට ගෙන එන ලද බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනය කළේය.

ඔහු සංවිධානාත්මක අපරාධ කල්ලියක ප්‍රමුඛ නායකයෙකු වන “කරන්දෙණිය සුද්දාගේ” සහෝදරයා බව ද අදාළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

ශ්‍රී ලංකාවෙන් පළා ගොස් සිටි මෙම අපරාධකරු නවදිල්ලියේදී ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website