රතිඤ්ඤා ශබ්දය හේතුවෙන් තම නිවැසි සුනඛයින්ට පීඩාවක් බැවින් එය නවත්වන ලෙස ඉල්ලීමක් කල අසල්වැසි කාන්තාවකට අමානුෂික ලෙස පහර පහර දෙන විඩියෝ දර්ශන පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවති.
මෙම සිදුවිමට අදාළව මොරගහහේන පොලිස්ථානය මගින් විමර්ශණ කටයුතු සිදුකර පහර කෑමට ලක්වු කාන්තාවගේ ප්‍රකාශ සටහන් කිරීමෙන් අනතුරුව පහර දුන් සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.
සැකකරු වයස අවුරුදු 54 ක් වන වැල්මිල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් වේ.
අත්අඩංගුවට ගත් සැකකරු හොරණ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 2026.04.24 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.














