මහවැලි ගඟේ වෙරුගල්ආරු පාලම අසල දියනෑමට ගොස් අතරුදුන් වූ එකම පවුලේ දරුවන් තිදෙනාගෙන් දෙදෙනෙකුගේ මළ සිරුර අද (15) පස්වරුවේ සොයා ගත් බව පොලිසිය පවසයි.
පියෙකු සහ පුතුන් සිව්දෙනෙකු ඊයේ (14) පස්වරුවේ මහවැලි ගඟේ වෙරුගල්ආරු පාලම අසල දිය නෑමට ගොස් සිටි දී දියේ ගිලී අනතුරට ලක් වුණ අතර ඉන් පියා සහ එක් පුතෙකු දිවි බේරාගැනීමට සමත් වූහ.
දියේ ගිලි ජීවිතක්ෂයට පත්වුණේ වයස අවුරුදු 35 සහ 34 වයස්වල පසුවන පුද්ගලයින් දෙදෙනෙකි.
කොළඹ රැකියා කටයුතුවල නිරත පුතුන් සිව්දෙනා අලුත් අවුරුද්දට ගමට පැමිණ පියා සමඟ දිය නෑමට ගොස් තිබූ අතර එහි දී මෙම අනතුරට මුහුණ දුන්හ.













