වයඹ පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මැතිතුමන්ගේ සංකල්පයකට අනුව පළාතේ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ සහ කොට්ඨාස භාර නිලධාරින්ගේ මඟපෙන්වීම යටතේ වයඹ පළාත තුළ ඇති පොලිස් කොට්ඨාස 05ට අදාළ පොලිස් ස්ථාන 69 ක,
- ළමා හා කාන්තා කාර්යංශය නවිකරණය කිරිම හා වායු සමනය කිරිම.
- ආරක්ෂිත ක්‍රමවේදය අනුව සිර මැදිරි/ අවිගබඩා/ නඩු බඩු කාමර/ පොත් කාමර නිසි පරිදි සකස් කිරිම.
- නියමිත ස්ථානවල අවි හිස් කරන ස්ථාන සකස් කිරිම.
- විවිධ පැමිණිළි අංශ නවීකරණය කිරිම හා වායු සමනය කිරිම.
- භෝජනාගාරය අලුත්වැඩියා සිදු කිරිම හා වායු සමනය කිරිම.
- නඩු භාණ්ඩ වශයෙන් පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කරනු ලබන යතුරු පැදි සුරක්ෂිතව රදවා තැබීමේ ස්ථානය ඉදිකිරිම ආදී නවීකරණ කටයුතු සිදු කරන ලදී.
පොලිස් ස්ථාන මඟින් සේවය සැලසීමේදී නිලධාරින්ට සහ මහජනතාවට සිදුවන අපහසුතාවන් මඟහරවා ගනිමින් ගුණාත්මක සේවයක් සැලසීම අරමුණු කරගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක විය.
2025 පෙබරවාරි මස ආරම්භ කර ඇති මෙම ව්‍යාපෘතිය මේ වන විට වැඩ අවසන් කර ඇත.













