පොලිසියෙන් විශේෂ ඉල්ලීමක් සමඟ දැනුම් දීමක්

අවුරුදු සමයේ සිදුවන රිය අනතුරුවල ඉහළ යාමක් ද දක්නට ලැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ වුට්ලර් මහතා සඳහන් කළේය.

අවුරුදු උදාවත් සමඟ විනෝද ගමන් සහ ඥාති නිවාසවලට ගොස් අපරික්ෂාකාරී ලෙස දියනෑම් සිදු නොකරන ලෙස ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවගෙන් විශේෂයෙන් ඉල්ලා සිටියේය.

අවුරුදු සමයේ බීමත්ව සහ අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය කරන රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා ක්‍රියාත්මක මෙහෙයුම් ත්‍රීව්‍ර කර ඇති බව රථ වාහන පාලන  සහ මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ සේනාධීර මහතා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website