හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට වෛද්‍ය ප්‍රතිකාර සඳහා සිංගප්පූරුවට ගෙන යාමට සිදු වූයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුට ප්‍රතිකාර කළ ශ්‍රී ලාංකික වෛද්‍යවරුන් දඩයම් කිරීම නිසා බවට එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන චෝදනා කළේය.
අද (10) කොළඹ දී මාධ්‍ය හමුවක් අමතමින් වජිර අබේවර්ධන මහතා පැවසුවේ, රජය බලයට පත් වූයේ බොරු ප්‍රචාරය කිරීමෙන් නිසා අද රට දැඩි අසීරුතාවයකට පත්ව ඇති බවයි. වත්මන් අනුර කුමාර ආණ්ඩුව වෙනත් කිසිම ආණ්ඩුවකට වඩා සාමාන්‍ය ජනතාවට බොරු කියා ඇති බව ඔහු පැවසීය.















