චීන ජාතික කාන්තාවක් ඝාතනය කිරීමට සම්බන්ධ ‘චීන ජාතික සැකකරු’ අත්අඩංගුවට ගැනීමට මහජන සහාය පතයි

2026.03.23 වන දින කොහුවල පොලිස් වසමේ Kent Residence නිවාස සංකීර්ණයේ නිවසක කුලී පදනම මත පදිංචිව සිටි චීන ජාතික කාන්තාවක් පිහයකින් ඇන ඝාතනය කිරීමේ අපරාධයේ සැකකරු පහත ඡායාරූපයේ දැක්වේ.

මියගිය කාන්තාවගේ පෙම්වතා ලෙසින් සැලකෙන මෙම සැකකරු සොයා ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විමර්ශන ක්‍රියාත්මකයි.

අත්අඩංගුවට ගැනීමට සහය වන තොරතුරක් ඔබ දන්නේ නම් පහත දුරකථන අංක අමතා නොපමාව දැනුම්දෙන්න.

සැකකරුගේ විස්තර –

  • නම :- WANG HUIYIN
  • උපන්දිනය :- 2000.06.01
  • විදේශ ගමන් බලපත්‍ර අංකය :- EE6791329/ER3805969
  • වෙනත් කරුණු :- සැකකරුගේ වම් අතේ ඇඟිළි තුවාල වී මැහුම් දමා ඇත.

දුරකථන අංක –

  • *ස්ථානාධිපති , ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන
  • කාර්යාංශය – 071 – 8596408
  • *ස්ථානාධිපති, කොහුවල පොලිස් ස්ථානය – 071 – 8591669

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website