රුපියල් මිලියන 243.8ක නීති විරෝධී වත්කම් අත්පත් කර ගැනීමේ චෝදනා මත හිටපු පාර්ලිමේන්තු මන්ත්රී සජින් වාස් ගුණවර්ධන මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අද (09) උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම අත්අඩංගුවට ගැනීම සිදු වූයේ සජින් වාස් ගුණවර්ධන මහතා දැනට සිදුවෙමින් පවතින විමර්ශනය සම්බන්ධයෙන් ප්රකාශයක් ලබා දීම සඳහා අල්ලස් කොමිසමට පැමිණි අවස්ථාවේදී ය.















