13.5%ක විදුලි බිල වැඩි කිරීමක් ඉල්ලද් දී ලංවිම සේවකයින්ට 25%ක වැටුප් වැඩි වීමක්

ලංකා විදුලිබල මණ්ඩලය අනුප්‍රාප්තික සමාගම් වෙත අනුයුක්ත කිරීමේ ක්‍රියාවලියේ පියවරක් ලෙසින් සියලුම ලංකා විදුලිබල මණ්ඩල සේවකයින් සඳහා සියයට 25ක වැටුප් වැඩිවීමක් ලබාදී ඇත.

අදාළ වැටුප් වැඩිවීම 2025 ජනවාරි 01 දින සිට බලපැවැත්වෙන බව ද වාර්තා වේ.

මෙම වැටුප් වැඩිවීම සමඟ දීර්ඝ කාලයක් පුරා පැවති වැටුප් විෂමතා සාර්ථකව විසඳා ඇති බව ස්වෙච්ඡා විශ්‍රාම ගැන්වීමේ ක්‍රමය තෝරාගත් සේවක එකමුතුව (VRS) සඳහන් කරයි.

ලංකා විදුලිබල මණ්ඩලය මේ ආකාරයෙන් 25%ක වැටුප් වැඩිවීමක් ලබාදී ඇත්තේ 2026 වසරේ දෙවැනි කාර්තුව වෙනුවෙන් 13.5කට ආසන්න විදුලිබිල වැඩි  කිරීමක් ඉල්ලා තිබියදී වීම විශේෂතිවයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website