
මෙරට දැවැන්තම ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශනය වන “Expo 2026” ජුනි මාසයේ කොළඹදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. මෙම දැවැන්ත වෙළෙඳ ප්‍රදර්ශනය ජුනි 18 සිට 21 දක්වා Bandaranaike Memorial International Conference Hall (BMICH) පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
“Expo 2026” ප්‍රදර්ශනයේ පූර්ව සැලසුම් පිළිබඳ සාකච්ඡාවක් ඊයේ(18)විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේදී පැවැත්වුණු අතර එම සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
වසර 14කට පසු ශ්‍රී ලංකාවේ පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය අමාත්‍යාංශ තුනක එකතුවෙන් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කළේය. කුටි 750කින් සමන්විත මෙම ප්‍රදර්ශනය, මෙරට අපනයන 10%කින් වර්ධනය කිරීමේ ඉලක්කය සහිතව අපනයන විවිධාංගීකරණය සඳහා රජයේ ප්‍රධාන පියවරක් ලෙස ක්‍රියාත්මක කෙරේ.
විදෙස් ආයෝජකයන් සහ ජාත්‍යන්තර ගැනුම්කරුවන් 1500කට අධික පිරිසක් ආකර්ශනය කර ගැනීමට අපේක්ෂා කරන අතර, විදෙස් ගැනුම්කරුවන්ට මුහුණ දීමට සිදුවන ගැටළු පිළිබඳවද සාකච්ඡාවේදී අවධානය යොමු විය.
“Expo 2026” පිළිබඳ නිවේදනයෙන් අනතුරුව, විදේශ දූත මණ්ඩල ප්‍රධානීන් විසින් ඉලක්ක සපුරා ගැනීමේ ප්‍රගතියද මෙහිදී විමසා බැලිණි.
















E-Paper