ලංකා සීනි පුද්ගලික සමාගමේ සභාපති ඉල්ලා අස්වෙයි – ඇමැතිට ලිඛිතව හේතුත් දන්වයි

සීමා සහිත ලංකා සීනි සමාගමේ සභාපති ලෙස කටයුතු කළ නීතිඥ සඳමාලි චන්ද්‍රසේකර වහාම ක්‍රියාත්මක වන පරිදි සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඇය මේ බව ඊයේ (17) විෂයභාර අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති වෙත ලිඛිතව දන්වා තිබේ.

සිය සේවා කාලය තුළ අදාළ සීමා, චක්‍රලේඛ, රෙගුලාසි සහ නීතිමය ක්‍රියා පටිපාටිය උල්ලංඝනය වන ඉල්ලීම් රැසක් ලැබුණ බව සිය ලිපියේ සඳහන් කරන නීතිඥ සඳමාලි චන්ද්‍රෙස්කර, අධ්‍යක්ෂ මණ්ඩලය, ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම තමන් ද අදාළ නීතිමය බැඳීම්වලට තදින් ම බැඳී සිටි බැවින් එම ඉල්ලීම් ඉටු කිරීමට නොහැකි වූ බව ද වැඩි දුරටත් සඳහන් කර තිබේ.

පාඩු ලබන, රාජ්‍ය හිමිකාරීත්වය දරන ලංකා සීනි සමාගම දැඩි පාලනය සහ මූල්‍ය නියාමනය යටතේ පාලනය වන බැවින් වගවීම සහ පාලනය සහතික කිරීම අවශ්‍ය බැවින් බාහිර ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීමට අනිවාර්ය සීමා පනවා ඇති බවත් අමාත්‍යවරයා වෙත ඇය යවන ලද ඉල්ලා අස්වීමේ ලිපියේ දැක්වේ.

මේ අතර ලංකා සීනි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස කටයුතු කළ දීපිකා ගුණතිලක ද සිය ධූරයෙන් ඉල්ලා අස් වී ඇති බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website