ලිට්‍රෝ ගෑස් ගැන සමාගමෙන් විශේෂ දැනුම්දීමක්

ලිට්‍රෝ සමාගම සතුව ප්‍රමාණවත් පරිදි ගෑස් තොග පවතින බවත් එනිසා අනවශ්‍ය කලබලයක් ඇති නොකරගන්නා ලෙසත් ලිට්‍රෝ සමාගම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සිය පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටී.

ලිට්‍රෝ ගෑස් සඳහා වෙළඳපොළ ඉල්ලුමේ අනපේක්ෂිත වැඩිවීම හේතුවෙන් ගෑස් සැපයුමට යම් බාධාවක් ඇති වූ බව සමාගම සිය නිවේදනයේ සඳහන් කර ඇත.

පෙබරවාරි 17 සහ 18 යන දිනවල ගෘහස්ථ පිරවුම් සිලින්ඩර 284,000ක් නිකුත් කළ බවත් අද (19) සිට සෙනසුරාදා දක්වා තවත් ගෘහස්ථ පිරවුම් සිලින්ඩර 351,000ක් නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව ද ලිට්‍රෝ ගෑස් සමාගම ප්‍රකාශ කරයි.

ප්‍රමාණවත් තොග මේ වන විටත් ඇණවුම් කර ඇති බවත් සැපයුම තවදුරටත් ස්ථාවර කිරීම සඳහා මෙම මාසය අවසන් වීමට පෙර ගෑස් නැව් තුනක් මෙරටට පැමිණීමට නියමිත බවත් ලිට්‍රෝ සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to E-Paper

Screenshot (58)
aravindaya
yathra
Search this website